
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයට පිළියමක් ලෙස පැරණි බෝගම්බර බන්ධනාගාරය රජය විසින් නිල වශයෙන් නැවත ස්ථාපිත කර තිබේ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් 2026 ජූලි 8 වන දින නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
බන්ධනාගාර ආඥාපනතේ (54 වන අධිකාරිය) 2 වන වගන්තිය යටතේ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මඟින්, මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි බන්ධනාගාර ආඥාපනතේ අරමුණු උදෙසා පැරණි බෝගම්බර බන්ධනාගාරය බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කර තිබේ.
රට පුරා සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා බලධාරීන් ගත් පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
මහනුවර පිහිටි ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය 2014 වසරේදී වසාදැමීමට පෙර වසර 138 ක කාලයක් ක්‍රියාත්මක වූ අතර, ඉන් අනතුරුව එහි සිටි රැඳවියන් පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරය වෙත මාරුකර යවන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart