
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගනිමින් රුපියල් කෝටි 22 කට අධික රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) ප්‍රතික්ෂේප කළේය.
නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කළේ පොදු දේපළ පනත යටතේ සැකකරුට ඇප ප්රදානය කිරීමට තරම් සුවිශේෂී හෝ අසාමාන්‍ය කරුණු කිසිවක් අධිකරණය හමුවේ අනාවරණය වී නොමැති බැවින්, ඔහුව ලබන 22 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරන බවයි.
මහේස්ත්රාත්වරයාගේ ඇප නියෝගයේ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේ දැක්විණි.
– සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 22 කට අධික රජයේ මුදල් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීම.
– මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ පුද්ගලයන් 135 දෙනකු බඳවාගෙන ඇති අතර ඉන් බහුතරයක් දේශපාලන හිතවත්කම් මත තාවකාලිකව බඳවා ගත් අය වෙති.
– සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ සහතිකයක් ඉදිරිපත් කර ඇති අතර, විමර්ශන තවදුරටත් සිදුවීම හෝ සාක්ෂි සම්පිණ්ඩන ඉදිරිපත් කිරීම වැනි කරුණු පනතේ 8(1) වගන්තිය ප්‍රකාරව ඇප දීමට තරම් ‘අසාමාන්‍ය කරුණු’ ලෙස සැලකිය නොහැක.
විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ (CCID) නිලධාරීන් කියාසිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඊයේ (07) දිනයේ ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.
මීට පෙර ඔහු ප්‍රකාශ කර තිබුණේ පෞද්ගලික ලේකම්වරයකු වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවූ මුදල් තම ගිණුමට ලබාගත් බවයි.
එහෙත් ඊයේ ලබාදුන් ප්‍රකාශයෙන් ඔහු පවසා ඇත්තේ, ජනාධිපති කාර්යාලයෙන් තම බැංකු ගිණුමට ලැබුණු මුදල්, ලේකම් වැටුප් වශයෙන් වෙනත් පුද්ගලයෙකුට අත්පිට මුදලින් (Cash) ගෙවූ බවයි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ අදාළ මුදල් ලබාගත් බව කියන පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේද යන්නයි.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඊයේ ලබාගත් බැවින්, ඉදිරි දිනයකදී එම පුද්ගලයාගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට බලාපොරොත්තු වන බව විමර්ශන නිලධාරීහු පැවසූහ.
ඒ අනුව, විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර එහි ප්‍රගතිය ඉදිරි අධිකරණ දිනයේදී වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart