
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත්දා මහත් ආන්දෝලනයකට තුඩු දුන්, මහාභාණ්ඩාගාරය විසින් ණය වාරිකයක් ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකා මහබැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන අගෝස්තු මස 05 වනදා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියම කළේය.
මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, මෙම විමර්ශනයට අදාළව සොයාගනු ලැබූ ටෙරා බයිට් 16 ක (16 TB) පරිගණක දත්ත අඩංගු දෘඪතැටි (Hard Disks) වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමුකර ඇති බවයි.
කෙසේවෙතත්, ඊට අදාළ වාර්තා මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවද ඔවුහු අධිකරණයට දන්වා සිටියහ.
එමෙන්ම, මෙම මහාපරිමාණ මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තා ද මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශන කටයුතු කඩිනම් කර එහි වත්මන් ප්‍රගතිය ලබන අගෝස්තු මස 05 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart