July 8, 2026

නිධානයකින් ලබාගත් බව පවසමින් රුපියල් කෝටි දෙකක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයකු ත්‍රිකුණාමලය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු විසින් ත්‍රිකුණාමලය විශේෂ කාර්ය බළකා කඳවුරේ දෙවැනි අණදෙන නිලධාරියා වෙත මෙම වාලම්පුරි දෙක විකිණීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.

සැකකරු සහ ඔහු සතුව තිබූ වාලම්පුරි දෙක ඉදිරි විමර්ශන කටයුතු සඳහා කින්නියා පොලිසිය වෙත භාරදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.