
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මාරාන්තික නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර ඇත. එහිදී රටේ බන්ධනාගාර පද්ධතිය සඳහා නැවත ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇති නේවාසික සම්බන්ධීකාරකවරයා, මෙම සිදුවීම විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණය ද ඇගයීමට ලක්කර තිබේ.
අඟහරුවාදා (07) නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සහ 100 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් ඇති වූ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි සේ කම්පාවට පත්ව ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මියගිය අයගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.
බන්ධනාගාර නිලධාරීන් රජය සහ මහජනතාව වෙනුවෙන් ඉහළ වගකීමකින් යුතුව රාජකාරී ඉටු කරන පිරිසක් වන අතර, රැඳවියන් රජයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ පසුවන පිරිසක් බව එම නිවේදනයේ සඳහන් වේ. එම නිසා බන්ධනාගාර කාර්ය මණ්ඩලය සහ රැඳවියන් යන දෙපාර්ශවයටම වඩා හොඳ ආරක්ෂාවක් හිමිවිය යුතු බව එහි අවධාරණය කර ඇත.
“ජීවිතක්ෂයට පත් වූ හෝ තුවාල ලැබූ රැඳවියන් පසුවූයේ රජයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ ය. බන්ධනාගාර පද්ධතිය තුළ සේවය කරන පිරිස් මෙන්ම එහි රඳවා සිටින පිරිස් ද මීට වඩා ඉහළ ආරක්ෂාවකට හිමිකම් කියති. එම ආරක්ෂාව තහවුරු කිරීම රජයක මූලික වගකීමකි” යැයි එම නිවේදනයේ දැක්වේ.
මෙම ඛේදවාචකය මගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය මනාව පැහැදිලි වන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි පවතින අධික තදබදය, යල්පැන ගිය ක්‍රමවේද සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින දුර්වල තත්ත්වයන් වැනි දිගුකාලීන ගැටලු ද පෙන්වා දී ඇත.
අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාව ලබා දී ඇති ප්රතිඥාවන්, නිදහස අහිමි වූ පුද්ගලයින්ට සලකන ආකාරය, ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා වැදගත් රාමුවක් සපයන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම සිදුවීමට තුඩුදුන් කරුණු විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පිහිටුවීමට රජය ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි සොයාගැනීම් බන්ධනාගාර තත්ත්වයන්හි තිරසාර දියුණුවක් ඇති කිරීමට දායක වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද පවසා ඇත.
බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් කොන්දේසි වැඩිදියුණු කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ යහපැවැත්ම නංවාලීම අරමුණු කරගත් තාක්ෂණික සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දක්වන බව එම සංවිධානය නැවතත් තහවුරු කර සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart