July 7, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි 15 වැනිදා කොළඹ සින්නමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන ‘Read with Ranil’ නම් විශේෂ සංවාදයකදී තරුණයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.

මෙම වැඩසටහන එක්සත් ජාතික පක්ෂයේ ‘ජාතික තරුණ පෙරමුණේ’ Smart UNP ඒකකය විසින් සංවිධානය කර ඇති අතර, එහි පළමු අදියර ‘නව ලෝක පර්යාය: භූදේශපාලනය, ආර්ථික වෙනස්කම් සහ ශ්‍රී ලංකාවේ අනාගතය’ යන තේමාව යටතේ පැවැත්වේ.

සංවිධායකයන් පවසන්නේ, ගෝලීය භූදේශපාලනික වර්ධනයන්, ලෝක ආර්ථිකයේ සිදුවන වෙනස්කම් සහ ඒවා ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම් පිළිබඳව තරුණයන්ට සෘජුවම සාකච්ඡා කිරීමට සහ අදහස් හුවමාරු කර ගැනීමට මෙම වැඩසටහන අවස්ථාවක් සලසා දෙන බවයි.