
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් නියම කර ඇති සහතික මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට සියලුම සහල් මෝල් හිමියන් ප්‍රතිපත්තියක් වශයෙන් එකඟතාවය පළකර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය.
සහල් මෝල් හිමියන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට ද, සම්බා රුපියල් 130කට ද සහ කීරි සම්බා රුපියල් 140කට ද මිලදී ගැනීමේදී පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් වෙළෙඳපොළේ සහල් මිල අඩු කිරීමට ද මෝල් හිමියන් එකඟ වී තිබේ.
කෙසේවෙතත්, තෙතමනය 14% නොඉක්මවන නාඩු වී සඳහා පමණක් රුපියල් 120ක මිල ලබාදීමට ඔවුන් කැමැත්ත පළකර ඇත.
සහල් මෝල් හිමියන් විසින් ඉදිරිපත් කරන ලද ණය සහන ඇතුළු යෝජනා කිහිපයක් ඉදිරි සති දෙක ඇතුළත පැවැත්වෙන පසු විපරම් රැස්වීමකදී සමාලෝචනය කර, රජයේ අවශ්‍ය සහයෝගය ලබා දෙමින් මෙම වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart