
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින්, ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
මේ දිනවල විශ්වවිද්‍යාලයේ අතිශය තීරණාත්මක වාර විභාග කටයුතු පැවැත්වෙන අතර, උණ රෝගය වැළඳී සිටි සිසුන් පිරිසක් ද එම විභාග සඳහා පෙනීසිට ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය තුළ වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතු වූ බැවින්, සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් විශ්වවිද්‍යාලය වසාදැමීමට බලධාරීන්ට සිදුවිය.
කෙසේවෙතත්, විශ්වවිද්‍යාලය භෞතිකව වසාතැබුණ ද සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් වීමට ඉඩ නොදෙන බව පාලනාධිකාරිය අවධාරණය කරයි.
ඒ අනුව, ඉදිරි සති දෙකක කාලය පුරා දේශන කටයුතු සියල්ල මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අඛණ්ඩව සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙලෙස තාවකාලිකව නැවතුණු මොරටුව විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය අධ්‍යයන කටයුතු සහ විභාග එළඹෙන 21 වනදා සිට නැවත සුපුරුදු පරිදි ආරම්භ කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart