July 7, 2026

ගම්පහ ඔස්මන් නමැත්තාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශය පවසා ඇත්තේ ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතන සිද්ධියේ සැකකරුවකු වන ගම්පහ ඔස්මන් නමැත්තාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවශ්‍ය බවයි.