
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා ලෝකයේ භාවිත වන වඩාත් සාර්ථක හා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් වන ඩෙංගු මර්දන එන්නත් සහ වොල්බැකියා (Wolbachia) ස්වාභාවික බැක්ටීරියා ක්‍රමවේදය මෙරටට හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් දියත් කරන ඩෙංගු මර්දන වැඩසටහන පිළිබඳව ඊයේ (06) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති දැනුම්වත් කිරීමේ හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වර්තමානයේ වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.5%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් පමණක් 20% බැගින් රෝගීන් වාර්තා වන බවයි.
මේ හේතුවෙන් පළාතේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 23ක් ආවරණය වන පරිදි පෙරේදා (05) සිට විශේෂ මර්දන වැඩසටහනක් අරඹා තිබේ.
මෑත ඉතිහාසයේ වැඩිම ඩෙංගු අවදානමක් පැවැති 2017 වසරේදී රෝගීන් 187,000ක් සහ මරණ 447ක් වාර්තා වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව සහ කාලගුණික වෙනස්වීම් හේතුවෙන් මදුරුවන් බෝවීමට නැවතත් හිතකර වටපිටාවක් නිර්මාණය වී ඇති බව පැවසීය.
කෙසේවෙතත්, සායනික සේවා දියුණු කිරීම නිසා 2009 වසරේ 1%ක්ව පැවැති මරණ අනුපාතිකය මේ වන විට 0.05% – 0.06% දක්වා අවම කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇත.
දැනට පවතින තත්ත්වය හමුවේ රෝහල් තුළ ඩෙංගු රෝගීන් වෙනුවෙන් වෙනම වාට්ටු වෙන් කිරීමටත්, දැඩි ලෙස රෝගාතුර වන අය වෙනුවෙන් High Dependency Unit (HDU) පිහිටුවීමටත් පියවර ගෙන තිබේ.
ඩෙංගු මර්දනය යනු සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව සාමාජීය ප්‍රශ්නයක් බැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් කඩිනමින් සමාජයට මුදා හැරීමටත්, වොල්බැකියා වැඩසටහනට ඇතුළත් වීමටත් සියලු පාර්ශවයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart