
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබල සාමාජිකයෙකුගේ උපදෙස් මත, කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබාගැනීමේ ජාවාරමකට සම්බන්ධ වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළාය.
පොලිස් අත්අඩංගුවට පත්ව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්වූයේ පානදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකි.
අදාළ ව්‍යාපාරිකයාට ජංගම දුරකථනයෙන් අමතා මරණ තර්ජන කරමින් මෙම කප්පම් මුදල ඉල්ලා ඇති අතර, බියට පත් ව්‍යාපාරිකයා විසින් කිරිබත්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබිණි.
එහිදී සිදුකළ දුරකථන විශ්ලේෂණ වාර්තා ඇසුරින් පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ, කප්පම්කරුවන් ලබාදුන් බැංකු ගිණුමකට අදාළ මුදල් බැර වී ඇති බවත්, එම ගිණුම පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකාර අක්කාට අයත් එකක් බවත්ය.
ඊට අනුබල දීමේ චෝදනාව මත ඇයගේ නැඟණිය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණයට පෙන්වාදුන්නේ, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින ‘ඇඹිලිපිටියේ රුවන්’ නැමැති අපරාධකරුගේ මෙහෙයවීම මත විවිධ පුද්ගලයන් ලවා මෙම ගිණුමට මුදල් බැර කරවා ඇති බවයි.
සැකකාරිය එම කප්පම් මුදල් බැංකුවෙන් ලබාගෙන, බන්ධනාගාරයේ සිටින අදාළ අපරාධකරුගේ නඩු කටයුතු සඳහා ඇප තැබීමට සහ ඔහුගේ අවශ්‍යතා මත වෙනත් ගිණුම්වලට මුදල් හුවමාරු කිරීමට යොදවා ඇති බව ප්‍රශ්න කිරීම්වලදී පිළිගෙන තිබේ.
ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති අතර කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart