July 7, 2026

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඒ.එල්.කේ. විජේමාන්නගේ ඊයේ (06) දින සිය ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇත.

ඔහුගේ මෙම පත්වීම සිදුවන්නේ, දිට්වා සුළිකුණාටුව හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීම නිසා විවේචනයට ලක්වූ අතුල කරුණානායකගේ විශ්‍රාම යෑමෙන් අනතුරුවය.

දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පත්වීම 2026 ජූලි 03 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බවයි.