July 7, 2026

තිහකට ආසන්න පිරිසකට ජීවිත අහිමි කරමින් සහ තවත් පනහකට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් මීගමුව බන්ධනාගාරය තුළ හටගත් දරුණු ගැටුම මුල් කරගනිමින් අද (08) දිනයේදී පාර්ලිමේන්තුව තුළ දැඩි විරෝධයක් එල්ල කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

විපක්ෂයේ දේශපාලන නායකයන් අවධාරණය කර සිටින්නේ, මිනිස් ජීවිත රැසක් බිලිගත් මෙම සමස්ත ඛේදවාචකයේ සම්පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතු බවයි.