July 6, 2026

යටියන්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට අයත්ව තිබියදී අතුරුදන් වූ රාජකාරි ගිනිඅවිය යටියන්තොට පාලම අසල දී සොයාගත් බව පොලිසිය කියයි

මෙම රාජකාරි ගිනිඅවිය අස්ථානගතවීම සම්බන්ධයෙන් එය භාරව සිටි යටියන්තොට පොලිසිය රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂකවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගත කරනු ලැබ සිටියි.

පොලිස් නාවික කොට්ඨාසයට අයත් කිමිදුම් අංශය සිදු කළ පරීක්ෂාවකදී මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

කැළණිගඟේ අතු ගංගාවක් සම්බන්ධ වන ගරගොඩ පාලම යට තිබී මෙම ගිනිඅවිය සොයාගෙන ඇත. (ලංකාදීප)