July 6, 2026

මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ (05) ඇති වූ දරුණු ගැටුමෙන් පසුව, අද උදෑසන වනවිට එහි තත්ත්වය පාලනය කර තිබුණ ද, මේ වනවිට බන්ධනාගාරය ඇතුළත යළිත් නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ.

ඊයේ පස්වරු 1.00 ට පමණ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් ලැබූ රැඳවියන් පිරිසක් අතර මෙම ප්‍රචණ්ඩකාරී ගැටුම හටගෙන තිබිණි.

පොලිසිය තහවුරු කර ඇති පරිදි මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇත. ඔවුන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.