July 5, 2026

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් දෙපිරිසක් අතර අද ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

මීට පෙර වාර්තා වූයේ තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු පමණ මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙම ගැටුමට හේතුව හෝ රැඳවියන්ට සිදුව ඇති තුවාලවල බරපතලකම මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි