
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රසම්පාදන ක්‍රමවේදය සංශෝදනය කිරීමේ අවශ්‍යතාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවමත් සිදුවන්නේ ගතානුගතික ක්‍රමවේදයක් ඔස්සේ බවයි.
මීට පෙර එය සංශෝධනයට ලක් කෙරුණේ හිටපු මුදල් අමාත්‍ය කේ එන් චොක්සි මෙන්ම හිටපු කතානායක කරු ජයසූරිය සහ තමන් යටතේ බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
එම අවස්ථාවේදී ප්‍රසම්පාදන කමිටුව වසර පහ බැගින් වන කාලරාමුවක් යටතේ වෙනස් විය යුතු බව යෝජනා කෙරුණු බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ විශාල ක්‍රියාදාමයන් ඩිජිටල්කරණය වැනි ක්‍රමවේද ඔස්සේ පවා වෙනස් වී තිබුණ ද ප්‍රසම්පාදන කමිටුව තවමත් ගතානුගතික තත්වයක පැවතීම කණගාටුවට කරුණක් බවයි.
එබැවින් එය නැවත සංශෝධනයට ලක් කර එය ප්‍රායෝගික මට්ටමට ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු යෝජනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart