
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුළුල් සාම ගිවිසුමකට එළඹීම අරමුණු කරගනිමින් වොෂින්ටන් සහ ටෙහෙරාන් පාලනයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව, ඉරාන තෙල් අපනයනය සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
ඇමෙරිකානු මහාභාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව, දෙපාර්ශවය අතර සාකච්ඡා ඉදිරියට ඇදෙන අතරතුර ඉරාන බොරතෙල්, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඛනිජ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා දින 60ක පොදු බලපත්‍රයක් (General license) නිකුත් කර ඇත.
ඇමෙරිකානු මහාභාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ප්‍රකාශ කළේ, මෙම පියවර දැනට ක්‍රියාත්මක රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්හි කොටසක් වන අතර අවසාන එකඟතාවක් කරා ළඟාවීමට එය උපකාරී වනු ඇති බවයි.
මෙම තාවකාලික සම්බාධක ඉවත් කිරීම ලබන අගෝස්තු මස 21 වැනිදා දක්වා බලාත්මකව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වාර්තාවලට අනුව, මෙම සම්බාධක ලිහිල් කිරීම යටතේ ඉරාන තෙල් අපනයනයට සම්බන්ධ බැංකු, රක්ෂණ සහ ප්‍රවාහන ඇතුළු ඇතැම් අත්‍යවශ්‍ය සේවාවන් සඳහාද අවසර හිමිවේ.
ඇමෙරිකානු සහ ඉරාන නිලධාරීන් ස්විට්සර්ලන්තයේදී පවත්වන සාකච්ඡා තවදුරටත් ඉදිරියට ඇදෙන පසුබිමක මෙම තීරණය ගෙන ඇති අතර, මුහුදු මාර්ග ආරක්ෂණය සහ කලාපීය ස්ථාවරත්වය ඇතුළු කරුණු කිහිපයකදීම යහපත් ප්‍රගතියක් ලබා ඇති බව දෙපාර්ශවයම වාර්තා කර ඇත.
මෙම පියවර මඟින් පනවා තිබූ සීමාවන් සැලකිය යුතු ලෙස ලිහිල් කෙරුණද, මෙය තාවකාලික පියවරක් පමණක් වන අතර ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් මින් අදහස් නොවේ.
කෙසේවෙතත්, මෙම නිවේදනයත් සමඟ ඉරාන තෙල් සැපයුම අන්තර්ජාතික වෙළෙඳපොළට බහුලව ලැබෙනු ඇතැයි යන අපේක්ෂාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටීමටද මෙය හේතු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart