
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා රන් ප්‍රවාහනය කිරීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනකු සන්තකයේ තිබී රුපියල් මිලියන 2.8ක් පමණ වටිනා කැරට් 24 රන් ග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මෙම සැකකාරියන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වන විට රේගු පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.
රේගු නිලධාරීන් ප්‍රකාශ කළේ අනෙක් සැකකරුවන් දෙදෙනෙකුගෙන් අත්අඩංගුවට ගත්, ද්‍රව රන් බවට සැකකෙරෙන ද්‍රව්‍යයකින් යුත් ග්‍රෑම් 520ක පමණ සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි.
මීට අමතරව, සිය ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන ඇති බවට සැකකෙරෙන රන් ද්‍රව්‍ය පිටකරන තෙක් තවත් සැකකරුවන් සිව්දෙනකු යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිරීක්ෂණය යටතේ රඳවා තබා ඇත.
මේ අතර, සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණවලදී සිරුරේ හෝ බඩු බාහිරාදියේ සඟවන ලද කිසිදු නීතිවිරෝධී ද්‍රව්‍යයක් සොයානොගැනීම හේතුවෙන් අනෙක් මගීන් 18 දෙනෙකු ඊයේ දිනයේදී නිදහස් කර තිබේ.
පසුගිය බදාදා (17) කන්කසන්තුරේ වරායේදී ඉන්දියානු ජාතිකයින් 17 දෙනකු, ශ්‍රී ලාංකික පිරිමින් තිදෙනකු සහ ශ්‍රී ලාංකික කාන්තාවන් හයදෙනකු ඇතුළු මගීන් 26 දෙනකු රඳවා ගැනීමත් සමඟ මෙම විමර්ශන ආරම්භ විය.
ලද බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රේගු නිලධාරීන්, මෙම පිරිස ඉන්දියාවේ නාගපට්ටිනම් බලා ධාවනය වීමට නියමිතව තිබූ ‘SG423’ දරන මගී ප්‍රවාහන බෝට්ටුවට ගොඩවීමට සූදානම් වන අවස්ථාවේදී ඔවුන්ව වටළා තිබේ.
එහිදී මුලින්ම මගීන් දෙදෙනෙකු සන්තකයේ තිබී රන් සොයාගැනීමත් සමඟ, ශරීර අභ්‍යන්තරයේ රන් සඟවා ඇතිදැයි පරික්ෂා කිරීම සඳහා රඳවා ගත් 26 දෙනාම යාපනය ශික්ෂණ රෝහල වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart