
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ දැවැන්ත ආර්ථික බලපෑම හමුවේ ඊට සාර්ථකව මුහුණ දීම සඳහා වඩාත් දැඩි සහ ශක්තිමත් වෙළඳ ආරක්ෂණ උපක්‍රම සකස් කරන ලෙස යුරෝපා සංගමයේ නායකයන් එරට යුරෝපීය කොමිසමෙන් ඉල්ලා තිබේ.
විශේෂයෙන්ම මේ දක්වා චීනය කෙරෙහි මෘදු පිළිවෙතක් අනුගමනය කළ ජර්මනිය පවා, බෙයිජිං පරිපාලනයට එරෙහිව දැඩි ස්ථාවරයකට පැමිණීමට මෙහිදී එකඟතාව පළ කර ඇත.
බ්‍රසල්ස් නුවර පැවැති රාජ්‍ය නායක සමුළුවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර මෙම තීරණාත්මක සාකච්ඡාව සිදුව තිබේ.
එහිදී යුරෝපා සංගමයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, පවතින වෙළඳ ආරක්ෂණ ක්‍රමවේදයන් සමාලෝචනය කර, යුරෝපා සංගමයේ ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට සහ අවදානම් අවම කර ගැනීමට අවශ්‍ය නව වෙළඳ මෙවලම් කඩිනමින් හඳුන්වා දෙන ලෙස නායකයන් කොමිසමෙන් ඉල්ලා සිටි බවයි.
කෙසේ වුවද, චීනය සමඟ පවතින සන්නිවේදනය දිගටම පවත්වා ගෙන යාමට ද යුරෝපා නායකයන්ට අවශ්‍යව තිබේ.
සමුළුව නිමාවීමෙන් පසු බෙල්ජියම් අග්‍රාමාත්‍ය බාර්ට් ඩි වෙවර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, “චීනය මත පවතින අනවශ්‍ය යැපීම අවම කර ගැනීමට අප පියවර ගත යුතු බව සියලු දෙනාම පිළිගන්නවා. චීන රජය එරට ව්‍යාපාරවලට ලබා දෙන සහනාධාර අසාධාරණයි. අපට ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට සිදුවනවා. මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කිරීමට යුරෝපීය කොමිසම බලාපොරොත්තු වන අතර, අප ඉදිරියටත් මේ ගැන සාකච්ඡා කරනවා,” යනුවෙනි.
මෙය ඉතා හදිසි කාරණයක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
චීනයේ ලාභදායී මෙන්ම උසස් තත්ත්වයේ නිෂ්පාදන ගලා ඒමෙන් යුරෝපයේ කර්මාන්තශාලා බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව යුරෝපා සංගමය මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි. එහිදී යුරෝපීය කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් යුරෝපා නායකයන්ගෙන් විමසා සිටියේ, යුරෝපා සංගමය ගන්නා පියවරයන්ට ප්‍රතිචාර වශයෙන් චීනයෙන් එල්ල විය හැකි ආර්ථික පළිගැනීම්වලට මුහුණ දීමට ඔවුන් කෙතරම් දුරට සූදානම්ද යන්නයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart