
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යයේ රැඳී සිටින හොංකොං ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීන් පිළිබඳව චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරුවන් වූ බ්‍රිතාන්‍ය දේශසීමා බලකා නිලධාරියෙකුට සහ ඔහුගේ මෙහෙයවන්නාට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ.
ඒ අනුව, විදේශීය බුද්ධි අංශයකට සහය දැක්වීමේ චෝදනාවට වරදකරු වූ 40 හැවිරිදි චි ලියුන්ග් “පීටර්” වායි නමැත්තාට වසර 10 ක සිරදඬුවමක් ද, 65 හැවිරිදි චුන්ග් බියු නමැත්තාට වසර 8 ක සිරදඬුවමක් ද නියම විය. මෙය බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂක පනත යටතේ ගැනෙන බරපතල වරදකි.
දේශසීමා බලකායේ සිය තනතුර උපයෝගී කරගනිමින්, බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට රහසිගතව ඇතුළු වී චීන බලධාරීන්ට අවශ්‍ය පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයා දීම සම්බන්ධයෙන් ද වායි නමැත්තා වරදකරු වී ඇත.
චීන සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි මෙම පුද්ගලයින් දෙදෙනාට දඬුවම් නියම කරමින් ඕල්ඩ් බේලි අධිකරණයේ විනිසුරු චීමා-ග්‍රබ් ප්‍රකාශ කළේ, ඔවුන්ගේ මෙම ක්‍රියාවන් රටේ ස්වෛරීභාවයට එල්ල වූ සෘජු තර්ජනයක්”බවයි.
පසුගිය මාසයේ පැවැති නඩු විභාගයකින් අනතුරුව මොවුන් වරදකරුවන් වූ අතර, බ්‍රිතාන්‍ය රහස් පරීක්ෂකයින් මෙය හඳුන්වා දුන්නේ “හොංකොං බලධාරීන් සහ ඒ හරහා චීන රජය වෙනුවෙන් රහසිගතව ක්‍රියාත්මක වූ සෙවණැලි පොලිස් මෙහෙයුමක්” (shadow policing operation) ලෙසයි.
ස්ටේන්ස්-අපොන්-තේම්ස් හි පදිංචි වායි, මීට පෙර බ්‍රිතාන්‍යයේ පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර 2020 දෙසැම්බර් මාසයේදී ඔහු හීත්රෝ ගුවන් තොටුපළේ දේශසීමා බලකා නිලධාරියෙකු ලෙස සේවයට බැඳී තිබේ.
එහිදී ඔහු බ්‍රිතාන්‍යයේ සිටින විදේශිකයන් පිළිබඳ විශාල දත්ත ගබඩාවකට ප්‍රවේශ වෙමින් මෙම තොරතුරු සිය සම්බන්ධීකාරක වෙත ලබා දී ඇත. ඔහුට විදේශ බුද්ධි අංශයකට සහය දීම වෙනුවෙන් වසර හයක සිරදඬුවමක් ද, රාජ්‍ය නිලධාරියෙකු ලෙස සිදුකළ දූෂිත හැසිරීම වෙනුවෙන් තවත් වසර හතරක සිරදඬුවමක් ද වශයෙන් සමස්ත දඬුවම නියම විය.
හැක්නි හි පදිංචි යුවාන්, හිටපු හොංකොං පොලිස් නිලධාරියෙකු වන අතර පසුව ඔහු ලන්ඩන් නුවර පිහිටි හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලයේ කාර්යාල කළමනාකරු ලෙස සේවය කර ඇත. ඔහු චීන බලධාරීන් සහ වායි අතර ප්‍රධාන සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart