
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුපිරි වෙළෙඳසලකින් එළු මස්, කුකුලු මස්, මාළු සහ කජු ඇතුළු භාණ්ඩ කිහිපයක් සොරාගෙන යමින් සිටි කොළඹ වාණිජ බැංකුවක නීති අංශයට අනුයුක්ත නීතිඥවරියක අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
රත්මලාන ප්රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලකට භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි මෙම කාන්තාව, එහි තිබූ රුපියල් 5,290ක් වටිනා කුකුළු මස් ග්රෑම් 520ක්, එළු මස් ග්රෑම් 250ක්, බදින ලද කජු, දත් බුරුසුවක් සහ ලන්ච් ෂීට් පැකට්ටුවක් හොර රහසේම ඇයගේ අත්බෑගය තුළ සඟවාගෙන තිබේ.
සැකකාරිය මෙම භාණ්ඩ බෑගයට දමාගන්නා අයුරු ආයතනයේ ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇති අතර, ඇය වෙළෙඳසලෙන් පිටවීමට සූදානම් වනවාත් සමඟම එහි කළමනාකාරීත්වය විසින් ඒ පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය දැනුවත් කර ඇත.
ඒ අනුව ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස්, සැකකාරිය වෙළෙඳසලෙන් පිටතට පැමිණෙද්දීම පොලිස් නිලධාරිනියක ලවා ඇයගේ අත්බෑගය පරීක්ෂා කර තිබේ.
එහිදී සඟවා තිබූ සොරකම් කරන ලද භාණ්ඩ තොගය සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර නීතිඥවරිය පෙරේදා දිනයේදී ද මෙම සුපිරි වෙළෙඳසලටම පැමිණ මේ අයුරින්ම මාළු සොරාගෙන ගොස් ඇති බවයි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඇය සන්තකයේ තිබූ නීතිඥ හැඳුනුම්පතෙහි පන්නිපිටිය ප්රදේශයේ ලිපිනයක් සටහන්ව තිබුණද, ඇය වයස අවුරුදු 47ක රත්මලාන ප්රදේශයේ පදිංචිකාරිනියක බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය ඉදිරි විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart