
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා ත්‍රිකුණාමලය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථාන (Petroleum Hub) ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් හඳුනාගෙන ඇති නමුත්, ඒ සඳහා මෙතෙක් නිශ්චිත කාලරාමුවක් සකස් කර නොමැති බව වාර්තා සඳහන් කරයි.
බලශක්ති සුරක්ෂිතතා ක්ෂේත්රය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය හඳුනාගෙන ඇත.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ දායකත්වය ලබාගැනීම පිළිබඳ පළමු නිල සඳහන දක්නට ලැබෙන්නේ 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙනි.
පසුව 2002-2004 කාලසීමාව තුළ, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවිය සහ බෙදාහැරීම සඳහා ඉන්දීය ඔයිල් සමාගමට (IOC) අවසර දෙමින් දෙරට අතර ගිවිසුම් අත්සන් කෙරුණද, එමඟින් එහි ඇති ටැංකි 99ම සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමට හැකි වූයේ නැත. යළිත් 2015 වසරේදී මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමේ සැලසුම් සහිතව සාකච්ඡා ආරම්භ වූ අතර, එම වසරේම මෙරට සිදුකළ නිල සංචාරයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ත්‍රිකුණාමලය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාප ලෘතිය වඩාත් විධිමත් ස්වරූපයක් ගත්තේ 2023 වසරේදීය. එහිදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නිල ගිවිසුමකට එළඹුණු අතර, ඒ අනුව ‘ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ්’ (TPTL) නමින් ඒකාබද්ධ සමාගමක් පිහිටුවන ලදී. එහි කොටස්වලින් සියයට 51ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත්, සියයට 49ක් ලංකා IOC සමාගමටත් හිමි වේ. මෙම ගිවිසුම මඟින් ටැංකි 99න් ටැංකි 61ක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමට නියමිතය.
එමෙන්ම පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කළ අවස්ථාවේදී, දෙරට අතර ද්විත්ව බලශක්ති සැපයුම් සම්බන්ධ කරන බහුකාර්ය නළ මාර්ගයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක්ද අත්සන් කරන ලදී.
මෑතකදී මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රිද ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මෙම ව්‍යාපෘතිය එකඟ වූ පරිදි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ව්‍යාපෘතියේ පවතින සංකීර්ණත්වය සහ ඒ සඳහා වැයවන විශාල මූල්‍ය පිරිවැය හේතුවෙන් මෙතෙක් නිශ්චිත කාලරාමුවක් සකස් කර නොමැති වුවද, ඒ පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ද්විපාර්ශ්වික රැස්වීම්වලින් අනතුරුව පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කර තිබිණි.
මේ පිළිබඳව කළ විමසීමකදී රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ, මැදපෙරදිග අර්බුදය වැනි සිදුවීම් නිසා අනාගතයේදී ඇතිවිය හැකි බලශක්ති කම්පනයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා කිරීම, නැව්වලට තෙල් සැපයීම (Bunkering) සහ පිරිපහදු මධ්‍යස්ථානයක් (Refinery) සංවර්ධනය කිරීම සඳහා නව සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති බවයි. කෙසේවෙතත්, ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා නිශ්චිත දින වකවානුවක් මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවත්, කලාපය තුළ ඉන්දියාව සමඟ පවතින බලශක්ති සබඳතා හේතුවෙන් නේපාලය සහ බංග්ලාදේශය මේ වන විටත් විශාල ප්රතිලාභ ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වාදෙයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart