June 18, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර එළඹෙන ජූලි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගනිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ඔහු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.