
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක බැංකු සමූහයේ දේශිය කළමනාකාර ගෙවෝගර් සාගර්සයාන් ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක්, වරාය සහ සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අද හමු වී තිබේ.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය සම්බන්ධයෙන් නව මූල්‍ය ආකෘති සහ පෞද්ගලික අංශ සහභාගීත්වය පිළිබඳ සාකච්ඡා කළ බව අමාත්‍යංශය නිවේදනය කළේය.
සාකච්ඡාවට එක් වෙමින් ලෝක බැංකුවේ දේශීය කළමනාකාරවරයා කොළඹ වරායේ සංවර්ධනය ගැන රජයේ දිශානතිය විමසා ඇති අතර කොළඹ වරායේ යටිතල පහසුකම් සංවර්ධනය ගැන ලෝක බැංකු සමූහය සහ ආසියානු සංවර්ධන බැංකුව විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් සිටින බව ද සඳහන් කර ඇත.
මේ වන විට ලෝක බැංකු සමූහය විසින් ඉදිරිපත් කර ඇති අරමුදල් යෝජනාව සහ මූල්‍ය ආකෘති රජය විසින් තවදුරටත් සලකා බලමින් සිටින බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාර සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙනම ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමු වී ඇති අතර, ඒ සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණි.
එවැනි වෙනසක් සිදු කරන විට වෘත්තීය සමිති පාර්ශවයන්ගේ ද එකඟත්වයෙන් සාම්ප්‍රදායික රාජ්‍ය ව්‍යවසායකයට වඩා වැඩි ස්වාධීනත්වයක් සහ වාණිජ නම්‍යශීලිත්වයක් ඇති ආකෘතියක් අවශ්‍ය බව ද ප්‍රකාශ කෙරුණු බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ලෝක බැංකු නියෝජිතයින් වෙනත් රටවලදී විශේෂයෙන් වෘත්තීය සමිති සමඟ කටයුතු කළ ආකාරය, සේවකයන් සඳහා ඉදිරිපත් කළ යෝජනා පෞද්ගලික අංශ සහභාගිත්වය තුළ ආදායම් හා සේවක සුභසාධනය වැඩි දියුණු කළ ආකාරය පිළිබඳව අත්දැකීම් බෙදාගැනීමට එකඟතාවය පළ කර ඇත.
මැදපෙරදිග යුද්ධය නිසා ගෝලිය අවධානය කොළඹ වරාය වෙත යොමු වී ඇති බවත්, ඒ ගැන ඉතා සැළකිළිමත් වී කටයුතු කරන ලෙස නියෝජිත පිරිස ඉල්ලා සිටියහ.
චිතගොං වරාය අධිකාරිය ලැබූ සාර්ථකත්වයට, සිංගප්පූරු, ඩුබායි, ජෙඩා වැනි වරාය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වය ද ලබා ගත් ආකාරය මෙහිදි සාකච්ඡා වී තිබේ.
සාකච්ඡාවේදී ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ ගුවන්සේවා ක්ෂේත්‍රය ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීම් පිළබඳ අවධානය යොමු වී ඇති අතර මෙම කරුණු සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC) සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව සඳහන් විය.
කොළඹ වරාය ECT පර්යන්තය, ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජය ඉදිරි කාලය තුළදී වැදගත් ප්‍රතිපත්තිමය සහ ආයතනික තීරණ කිහිපයක් ගැනීමට සූදානම් බව සඳහන් කළ විෂයභාර අමාත්‍යවරයා, එම තීරණ නිවැරදි මූල්‍ය ආකෘති, ශක්තිමත් රාජ්‍ය පෞද්ගලික අංශ සහභාගිත්වය සහ විනිවදභාවයෙන් සිදු කරන බව ද සහතික වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart