June 18, 2026

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “යකාගේ ළමයි” පිරිසක් රිංගා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද චෝදනා කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එහිදී රවී කරුණානායක මහතා අවධාරණය කළේ එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය යන පක්ෂ දෙකෙහිම නායකයින්ට සහ සාමාජිකයින්ට දේශපාලනිකව පැවැත්මක් තහවුරු කරගැනීමට නම්, දෙපාර්ශවයම වහාම එක් විය යුතු බවයි.

කෙසේ වුවද, වත්මන් නායකත්වය යටතේ පක්ෂ දෙකම ඉතා ඉක්මනින් එකම පෙරමුණකට පැමිණෙනු ඇති බවත්, ඉන් අනතුරුව දැවැන්ත ශක්තියකින් යුතුව ඉදිරියට යාමට හැකිවනු ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී දැඩි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළේය.