
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික, ආධ්‍යාත්මික සහ පුද්ගල සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද ආගමික සුහද සංචාරයක කොටසක් ලෙස, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නියෝජිත පිරිසක් ඉන්දුනීසියාවේ සුප්‍රසිද්ධ බොරෝබුදූර් බෞද්ධ මහා විහාරයේ සංචාරයක නිරත වූ බව කොළඹ පිහිටි ඉන්දුනීසියානු සමූහාන්ඩු තානාපති කාර්යාලය පවසයි.
පසුගිය ජූනි 16 වැනිදා සිදුවූ මෙම සංචාරයේදී, ශ්‍රී ලංකා දූත පිරිස යුනෙස්කෝ ලෝක උරුමයක් මෙන්ම ලොව විශාලතම බෞද්ධ ස්මාරකය ද වන බොරෝබුදූර් විහාර පරිශ්‍රය නිරීක්ෂණය කර තිබේ.
මෙම දූත පිරිසට පූජ්‍ය ආචාර්ය පන්නිල ආනන්ද ස්වාමින්වහන්සේ, ශ්‍රී දළදා මාළිගාවේ අන්තර්ජාතික කටයුතු අධ්යක්ෂ ගාමිණී රංජිත් බණ්ඩාර සහ බෞද්ධ කටයුතු සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව්.එම්.ආර්.එල්. ජයම්පති වෙද්දාගල යන පිරිස ඇතුළත් වී තිබේ.
තානාපති කාර්යාලයට අනුව, මෙම සංචාරය මඟින් ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ඓතිහාසික හා සංස්කෘතික සබඳතා මතුකර පෙන්වූ අතර, අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වර්ධනය කිරීමෙහිලා බෞද්ධ උරුමයන් සතු දායකත්වය නැවත වරක් තහවුරු කර ඇත.
8 වැනි සහ 9 වැනි සියවස්වලදී ඉදිකරන ලද බොරෝබුදූර් විහාරය, වර්තමානයේද ලොව පුරා සිටින වන්දනාකරුවන් සහ සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ඉන්දුනීසියාවේ වැදගත්ම සංස්කෘතික හා ආගමික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගා සංකීර්ණය තුළ පිහිටි අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරයේ බොරෝබුදූර් විහාරයේ කුඩා ආකෘතියක් ප්‍රදර්ශනය කරමින් ඉන්දුනීසියාව වෙනුවෙන් විශේෂිත ප්‍රදර්ශන කුටියක් වෙන්කර ඇති බව ද තානාපති කාර්යාලය මෙහිදී සිහිපත් කරයි.
එමඟින් ඉන්දුනීසියාවේ පවතින පොහොසත් බෞද්ධ උරුමය සහ බොරෝබුදූර්හි සංස්කෘතික වටිනාකම ශ්‍රී ලංකාවට පැමිණෙන අන්තර්ජාතික සංචාරකයින්ට සහ වන්දනාකරුවන්ට හඳුන්වාදෙනු ලබයි.
මෙම සුහද වැඩසටහන හරහා ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, බෞද්ධ සංස්කෘතික හුවමාරු ශක්තිමත් කිරීම මෙන්ම උරුමයන් සංරක්ෂණය, අධ්‍යාපනික හුවමාරු සහ වන්දනා සංචාරක ක්ෂේත්රයන්හි නව සහයෝගීතා අවස්ථා නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart