
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලාවැව ප්‍රසිද්ධ කඩවර දේවාලයේ භාරකාරත්වය දරමින්, බැතිමතුන්ගේ දුක් අහපු 48 හැවිරිදි ප්‍රධාන කපුවා පසුගියදා පොලිස් දැලට හසුවුණේ මුළු පළාතම හොල්ලන සුපිරි ගොසිප් එකක් ඉතුරු කරලයි. ඒ සාමාන්‍ය වැරැද්දකට නෙවෙයි, රුපියල් විසිහතර ලක්ෂයකට අධික මුදලක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ද සමඟින් අනුරාධපුරයේ හෝටලයක සැඟව සිටියදීයි.
මේ සේරටම මුල පිරුණේ පසුගිය 14 වැනිදායි.
කවරක්කුලම පොලිස් වසමේ උණගස්වැව හංදියේදී අධික වේගයෙන් ආපු මෝටර් රථයක් පාලනය කරගත නොහැකිව විදුලි කණුවක ගැටී දරුණු අනතුරක් සිදුවුණා. හැබැයි පුදුමය කියන්නේ, අනතුර වෙච්ච ගමන්ම එහි සිටි රියදුරා තමන්ගේ සුඛෝපභෝගී කාර් එකත් පිට්ටනියෙම දාලා අතුරුදන් වීමයි.
පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා මේ ‘හදිසි පළායෑම’ ගැන සූක්ෂ්ම විමර්ශනයක් පටන් ගත්තා. එතැනදී තමයි හෙළිවුණේ අනතුර සිදුවන වෙලාවේ මේ කාර් එක ඇතුළේ කඩවර දේවාලයේ ප්‍රධාන කපුවාත් ගමන් කරලා තියෙනවා කියලා.
අනතුරෙන් පස්සේ පොලිස් ඇසට වැලිගසා පළාගිය කපුවා සහ ඔහුගේ 31 හැවිරිදි රියදුරා (දෙදෙනාම විජිතපුර පදිංචිකරුවන්) සොයා පොලිසිය දැල එලුවා. අවසානයේදී ඔවුන් දෙදෙනාව කොටුවුණේ අනුරාධපුර, කුම්බිච්චන්කුලම වැව අසල පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සැඟවී සිටියදීයි.
පොලිසිය විසින් කපුවාව පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 24,43,480.00 ක (විසිහතර ලක්ෂ හතළිස් තුන්දහස් හාරසිය අසූවක) මුදලක් සහ ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 170 ක් බරැති ‘අයිස්’ මත්කුඩු පාර්සලයක් ද සොයාගැනීමට කවරක්කුලම පොලිසිය සමත් වුණා.
දේවාලයට එන මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න දේව වරම් ගත්තා කියපු කපුවාට සහ ඔහුගේ රියදුරාට තමන්ගේ ප්රශ්නය නම් විසඳගන්න බැරිවුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
දැන් ඉතින් දේවාලයට එන බැතිමතුන් අහන්නේ, මේ අහු වෙච්ච ලක්ෂ 24 දේවාලයේ පඬුරු සල්ලිද, නැත්නම් ‘අයිස්’ ජාවාරමෙන් හොයපු සල්ලිද කියලා විතරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart