
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බව කියන ‘බ්ලූමැන්ඩල් සංඛ’ සහ ‘මෝදර නිපුන්’ යන අයගේ සහෝදරයා අබුඩාබි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (13) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවෙන් පළාගොස් අබුඩාබි හි සැඟවී සිටි මෙම සැකකරුවන් දෙදෙනා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෑතකදී මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්වලට අදාළ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔවුන් සන්තකයේ තිබී හමුවීම හේතුවෙනි.
අබුඩාබි බලධාරීන් විසින් ඔවුන් එරට බන්ධනාගාරගත කර තැබීමෙන් අනතුරුව මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.
ඔවුන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ‘මෝදර චතුර’ නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇත.
අනෙක් සැකකරු වන ‘බ්ලූමැන්ඩල් සංඛ’ තවදුරටත් ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන අතර, නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart