
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරග තුනක් ඊයේ (ජූනි 13) නිමාවට පත්වූයේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ අලුත් පිටු කිහිපයක් පෙරළමිනි.
එහිදී ස්කොට්ලන්තය සිය ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරද්දී, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වාර්තාගත හඹා යාමක් සමඟින් ශූරතාවලියේ පෙරළිකාර ජයක් සනිටුහන් කළේය.
එමෙන්ම හයවතාවක් ලෝක ශූරියන් වූ ඕස්ට්‍රේලියාව ද සුපුරුදු ආධිපත්‍යය විදහා දක්වමින් සිය පළමු තරගය ජයගත්තේය.
අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 40ක විශිෂ්ට ජයක් ලබමින්, කාන්තා T20 ලෝක කුසලාන ඉතිහාසයේ සිය පළමු ජයග්‍රහණය සනිටුහන් කිරීමට ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 161ක් රැස්කළේය.
ලකුණු 36කට කඩුලු 2ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී පිටියේ එක් වූ සාරා බ්‍රයිස් සහ කැතරින් බ්‍රයිස් සහෝදරියෝ අයර්ලන්ත පන්දු යවන්නියන් අසරණ කරමින් ලකුණු 106ක අගනා සබඳතාවක් පැවැත්වූහ.
එහිදී කැතරින් බ්‍රයිස් පන්දු 39කදී ලකුණු 60ක් රැස් කළ අතර, සාරා බ්‍රයිස් ලකුණු 49ක් ලබාගත්තාය. අයර්ලන්තය වෙනුවෙන් ඒවා කැනින් ලකුණු 27කට කඩුලු 3ක් දවාගත්තාය.
ලකුණු 162ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ඉනිම ලකුණු 121කට සීමාකිරීමට ස්කොට්ලන්ත පන්දු යවන්නියෝ සමත්වූහ.
වසර 8කට පසු නැවතත් ස්කොට්ලන්තය වෙනුවෙන් ක්‍රීඩාකළ කර්ස්ටි ගෝර්ඩන් එකම පන්දු වාරයකදී කඩුලු 3ක් දවාගනිමින් (3/16) අයර්ලන්ත මැදපෙළ සුනුවිසුණු කළාය.
අයර්ලන්තය වෙනුවෙන් ඇමී හන්ටර් ලකුණු 39ක් රැස් කළ ද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
මේ අතර, ෂෙමේන් කැම්ප්බෙල් ක්‍රීඩා කළ අමරණීය ඉනිම හේතුවෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක ඓතිහාසික ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
මෙය කාන්තා T20 ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් විසින් සාර්ථකව හඹාගිය දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20කදී කඩුලු 5කට ලකුණු 162ක් රැස්කළේය.
එහිදී බෲක් හැලිඩේ ලකුණු 40ක් සහ ඉසබෙලා ගේස් ලකුණු 35ක් ලබාගත්හ.
කොදෙව් පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ආලියා ඇලෙන් (Aaliyah Alleyne) ලකුණු 21කට කඩුලු 4ක් බිඳහෙළුවාය.
ලකුණු 163ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමේ මුල් කඩුල්ල ඉක්මනින් බිඳවැටුණ ද, නායිකා හේලි මැතිව්ස් (48) සමඟ එක්වූ ෂෙමේන් කෑම්ප්බෙල් ගිනිකෙලි සංදර්ශනයක නිරතවූහ.
නවසීලන්ත ක්‍රීඩිකාවන් අතින් ගිලිහී ගිය උඩපන්දු සහ ස්ටම්ප් කිරීමේ අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත් කැම්ප්බෙල්, පන්දු 62කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 90ක් රැස්කරමින් තරගය නිමාවීමට එක පන්දුවක් ඉතිරිව තිබියදී කොදෙව් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියාය.
මෙම තරගය නවසීලන්ත නායිකා අමේලියා කේර්ගේ 100 වන T20 අන්තර්ජාතික තරගය වීම ද විශේෂත්වයකි.
ඊයේ පැවැති අනෙක් තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 65කින් පරදවමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියට ප්‍රබල ආරම්භයක් ලබාගත්තේය.
එමඟින් 2024 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ පරාජයට ප්‍රතිචාර දැක්වීමටද ඕස්ට්‍රේලියාවට හැකිවිය.
පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලකුණු 24කට කඩුලු 2ක් වැටී අසීරු තත්ත්වයක පසුවූ වද, පීබී ලිච්ෆීල්ඩ් පන්දු 23කින් වේගවත් ලකුණු 50ක් රැස්කරමින් ඉනිම ගොඩනැඟුවාය.
පසුව එලීස් පෙරී (32) සහ ජෝර්ජියා වෙරහැම් (32) එක්වූ සබඳතාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 8කට ලකුණු 172ක් වැනි ශක්තිමත් ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
ලකුණු 173ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකාරිනියෝ ඕස්ට්‍රේලියානු දඟපන්දු බලඇණිය හමුවේ අසරණ වූහ.
නායිකා සෝෆි මොලිනීක්ස් (2/17) මුල් පෙළ බිඳදැමූ අතර, ජෝර්ජියා වෙරහැම් ලකුණු 13කට කඩුලු 3ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 107කට සීමා කළාය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායිකා ලෝරා වොල්වාර්ඩ් ලකුණු 44ක් රැස්කළාය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart