
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් ලබාදෙන ඉන්ධන සහනාධාර ඉදිරි මාසයේ සිට ක්‍රියාත්මක නොවන බවත්, ඒවා මෙම මාසයෙන් අවසන් වීමට නියමිත බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් රජයේ පොදු මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී තිබේ.
පොදු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් පවසා ඇත්තේ, ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
මෑතකදී විදේශ විනිමය වෙළෙඳපොළේ ඇති වූ අස්ථාවරභාවය හමුවේ ඛනිජ තෙල් සංස්ථාව විදේශ විනිමය මිලදී ගැනීම් කළමනාකරණය කරන්නේ කෙසේදැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී ප්‍රශ්න කර ඇත.
මෙම වෙළෙඳපොළ අස්ථාවරභාවය ඇති වීමට ඛනිජ තෙල් සංස්ථාවේ ක්‍රියාකලාපය හේතු වූ බවට මත පළවෙමින් පවතින බවද සභාපතිවරයා පෙන්වාදී තිබේ.
මෙම අනාවරණයන් සිදුවූයේ ඉන්ධන පරිභෝජනය අවම කිරීමේ අරමුණින් ඉන්ධන මිල සංශෝධනය කිරීම ඇතුළු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය මැයි මාසයේදී ප්‍රකාශ කර තිබූ පසුබිමකය.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එසේම ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් පාඩු ලබමින් පවත්වාගෙන යන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, දැනට රුපියල් 392ක් වන ඩීසල් ලීටරයක සිල්ලර මිල පවත්වාගෙන යෑම සඳහා රජය ඩීසල් ලීටරයකට රුපියල් 100ක පමණ සහනාධාරයක් ලබාදෙන බවද එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart