June 13, 2026

විවිධ චෝදනා මත සිදුකෙරෙන විමර්ශනවලට අදාළව විදේශ ගමන් තහනම් ලැබ සිටින දේශපාලනඥයන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බැලීමට රාජ්‍ය බුද්ධි අංශ යොදවා ඇති බව ‘ඉරිදා මව්බිම’ට වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, සිදුකිරීමට නියමිත විමර්ශන සහ නෛතික කටයුතු මඟ හරිමින් එම පුද්ගලයන් විවිධ මාර්ගවලින් විදෙස්ගත වීමට ඉඩ කඩ පවතින බවට පවතින සැකය මත ඔවුන් අවේක්ෂණය කිරීමේ අවශ්‍යතාව ඇතැම් අංශ මගින් දැනුම් දී ඇතැයි ද දැනගන්නට ලැබේ.

විශේෂයෙන් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පහුගිය කාලය තුළ විවිධ දේශපාලනඥයන් හා නිලධාරීන් කිහිපදෙනෙකුට අධිකරණයය හරහා විදෙස් ගමන් තහනම් ලබාගැනීමට කටයුතු කරන ලදී.

එසේම, ඉදිරි සති කිහිපය තුළ මූල්‍ය චෝදනා ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.