
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔන්න, පරණ කුණු කන්දල් ආයෙත් ඇවිස්සෙන්න පටන් අරන් වගෙයි. මතකද ඉස්සර රට වටේම සෙල්ලම් බඩු දාලා, ලයිට් දාලා සල්ලි කුඩේ කුඩු කරපු ‘දැයට කිරුළ’ ජාතික ප්‍රදර්ශන මාලාව? අන්න ඒ කාලේ, ඒ කියන්නේ මීට අවුරුදු දහතුන-දහහතරකට කලින් (2012 සහ 2013 අවුරුදුවල) අම්පාරෙයි, අනුරාධපුරෙයි පවත්වපු ප්‍රදර්ශන අස්සේ මහා පරිමාණ ‘මූල්‍ය ගේමක්’ ගහලා තියෙනවා කියලා ඔන්න අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට උණුසුම් පැමිණිල්ලක් ගොනුවෙලා තියෙනවා.
මේ පැමිණිල්ල දාලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, ‘අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ කැඳවුම්කරු කාමන්ත තුෂාර.
කවුද මේ කෝටි ගාණක් ‘ගසා කෑවා’ කියන ප්‍රබලයෝ?
එයා චෝදනා කරන්නේ නිකම් පොඩි පොඩි ගණන්වලට නෙවෙයි, ඇඟ කිලිපොලා යන කෝටි ප්‍රකෝටි ගණන්වලටයි!
ප්‍රදර්ශනවල ඉසව් කළමනාකරණය (Event Management) සහ කුණු-කසළ බැහැර කිරීමේ කොන්ත්‍රාත් කිසිම ටෙන්ඩර් පටිපාටියක් නැතුව යටින් ගේම් ගහලා තමන්ට ඕන අයට දීලා තියෙනවලු.
ඒ හරහා මහජන බදු මුදල් අවභාවිත කරමින් හිටපු ජනාධිපති බිරිඳක් වන ශිරන්ති රාජපක්ෂ රුපියල් කෝටි 12 කට අධික මුදලක් වංචා කරලා තියෙනවලු!
ඒ මදිවට, එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු රංජිත් සියඹලාපිටියත් රුපියල් කෝටි 8 කට වඩා වැඩි මුදලක් මේකෙන් සාක්කුවේ දාගෙන තියෙනවා කියලා තමයි කාමන්ත මහත්තයා කෙළින්ම ඇඟිල්ල දිගු කරන්නේ.
“ලියකියවිලි අතුරුදන් කළත් වැඩක් නැහැ… මා ළඟ ඔක්කොම තියෙනවා!”
ජනමාධ්‍ය ඉස්සරහට ඇවිත් ලෙෆ්ට් ඇන්ඩ් රයිට් කතා කරපු ඔහු මෙහෙමත් කිව්වා:
“මේ දූෂණ ක්‍රියාවලිය සනාථ කරන්න ඕන කරන හැම ලියවිල්ලක්ම, ලිඛිත සාක්ෂියක්ම මා සතුව තියෙනවා. සමහර විට අදාළ රාජ්‍ය ආයතනවලින් මේ ෆයිල් අතුරුදන් වෙන්න පුළුවන්. හැබැයි මම මේවා ඉතාම ආරක්ෂිත බාහිර ස්ථාන කිහිපයක හංගලා තියෙන්නේ. ඒ නිසා ඕනෑම වෙලාවක ඉදිරිපත් කරන්න මම ලෑස්තියි!”
කතාව ඇත්ත, ලංකාවේ ඔය වගේ ලොකු ලොකු ෆයිල්වලට එකපාරටම ‘මීයන් කන’ සිරිතක් තියෙනවනේ! කොහොම වුණත් පුරවැසි බලය සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලන්නේ මේ මහා සාපරාධී මූල්‍ය වංචාව ගැන කඩිනමින් පරීක්ෂණ කරලා, වගකිවයුතු ලොක්කන්ට නීතිය ක්‍රියාත්මක කරලා, ජනතාවගේ ඒ බදු මුදල් ටික ආයෙත් රජයට පවරාගන්න වැඩ කටයුතු කරන්න කියලයි.
බලමුකෝ ඉතින්, ‘දැයට කිරුළ’ හින්දා කාගේ කාගේ ඔළුගෙඩිවලටද ඉදිරියේදී නීතියෙන් ‘කිරුළ’ පළඳවන්නේ කියලා!
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart