
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන කරළිය දැන් දේශපාලනයට වඩා කොමඩි ෂෝ එකක් වෙලා කියලා හැමෝම කියන කතාවක්නේ. හැබැයි ඔන්න අපේ කැබිනට් ඇමති කේ. ඩී. ලාල් කාන්ත වැඩේ තවත් ෂෝක් කරලා, අපූරු තරඟයක් ලංකාවේ ජනතාවට හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි, “විපක්ෂයේ ඉන්න ලොකුම ජෝකර් කවුද?” කියලා හොයන තරඟය!
පහුගියදා පැවැත්වුණු ප්රසිද්ධ උත්සවයකදී මයික් එක අතට ගත්ත ලාල් කාන්ත ඇමතිතුමා, සෙල්ලම් නැති සුපිරි අභියෝගයක් ප්රේක්ෂකයන්ට දැම්මා.
“ලංකාවේ විපක්ෂ දේශපාලනයේ ඉන්න ලොකුම ජෝකර් කවුද කියලා මට වට්ස්ඇප් (එකෙන් එවන්න. මෙන්න නම්බර් එක… හැබැයි මතක ඇතුව කෝල් කරන්න නම් එපා, වට්ස්ඇප් විතරක් පාවිච්චි කරන්න”
ඇමතිතුමා කට කැඩිච්ච කතාවක් කිව්වත්, කාගේවත් නමක් ගමක් නම් ගෑව්වේ නැහැ. හැබැයි ඉතින් සභාවේ හිටපු හැමෝටම නම නොකීවට මීටර් වුණා වැඩේ වැදුණේ කාටද කියලා.
දැන් ඉතින් රටේ ජනතාවට තියෙන්නේ ලොකු ප්රශ්නයක්. මොකද විපක්ෂයේ ‘ජෝකර්ලා’ එකෙක් දෙන්නෙක් නෙවෙයි, රොත්තක්ම ඉන්න නිසා මේ අතරින් නම්බර් වන් ජෝකර් කවුද කියලා තෝරන්න ගියාම මිනිස්සුන්ට වට්ස්ඇප් මැසේජ් එකක් නෙවෙයි, රචනාවක්ම ලියන්න වෙයි වගේ.
කොහොම වුණත් ඇමතිතුමාගේ වට්ස්ඇප් එකට දැනටමත් මැසේජ් ලක්ෂ ගාණක් ගිහින් ඇති කියලයි දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. හැබැයි ඉතින් දිනපු කෙනාට දෙන තෑග්ග මොකක්ද කියලා නම් ඇමතිතුමා තවම කියලා නැහැ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart