June 13, 2026

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල නිවස වන ධවල මන්දිරයේදී විශේෂ වෙසක් උත්සවයක් පවත්වා තිබේ.

ඒ, 2026 අන්තර්ජාතික වෙසක් උත්සවයට සමගාමීව විවිධ බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරන මහා සංඝරත්නය සහ උපාසක උපාසිකාවන්ගේ සහභාගීත්වයෙනි.

ඇමෙරිකානු රජයේ පූර්ණ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ථේරවාද, මහායාන සහ වජ්‍රයාන යන ත්‍රිවිධ බෞද්ධ සම්ප්‍රදායන්ම නියෝජනය කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, පූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ සහ නිව්යෝර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති, පූජ්‍ය හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ හිමිපාණන් වහන්සේ ථේරවාද බුදුදහම නියෝජනය කරමින් මෙම අවස්ථාවට වැඩම කර ඇත.

ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඇමෙරිකානු අන්තර්ජාතික බෞද්ධ සංගමයේ නියෝජිතයන් මෙන්ම බෞද්ධ ගිහි බැතිමතුන් විශාල පිරිසක් ද මෙම සැමරුම් උත්සවයට එක්ව තිබේ.