June 12, 2026

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍යය විජිත හේරත් පවසයි.

කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය සකසා තිබෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමේ පුළුල් තිරය විවෘත කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ලෝක පාපන්දු සම්මේලනය උපසභාපතිවරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරයේදී, ඔහු ඒ පිළිබඳව එකඟ වී ඇති බවත්, මීගමුව කඩොල් කෙළේ එය ආරම්භ කිරීමට සැලසුම් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.