
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින් අද (12) අලුයම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා පිටත්ව ගිය ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකට අකුණු සැර වැදීම හේතුවෙන්, එය යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්වා ඇති බව ගුවන්තොටුපොළ ප්‍රධාන රාජකාරි නිලධාරියා පවසයි.
මෙලෙස අකුණු ප්‍රහාරයට ලක්ව ඇත්තේ අද අලුයම 1:00 ට පමණ කටුනායකින් සිඩ්නි බලා පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-606 දරන ‘එයාර් බස් A330’ වර්ගයේ පුළුල් බඳ සහිත ගුවන් යානයකි.
මෙම සිදුවීම වන අවස්ථාවේදී යානය තුළ මගීන් 217 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනකු සිට ඇත.
පැවැති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ දැඩි අකුණු සන්නායකතාව හේතුවෙන් ගුවන් යානයට මෙලෙස අකුණු සැර වැදී ඇති බව වාර්තා වේ.
ගමනාන්තය බලා පියාසර කිරීම නතර කිරීමට වහාම තීරණය කළ ගුවන් නියමුවා, අලුයම 1:40 ට පමණ යානය නිරුපද්‍රිතව නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා ඇත.
පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එම මගීන් පිරිස සිඩ්නි බලා රැගෙන යෑම සඳහා එම වර්ගයේම වෙනත් ‘එයාර් බස් A330’ යානයක් වහාම සූදානම් කර ඇති අතර, එම විකල්ප යානය අද අලුයම 6:06 ට පමණ කටුනායක ගුවන්තොටුපොළින් නැවත පිටත්ව ගිය බව ගුවන්තොටුපළ රාජකාරි නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.
අකුණු ප්‍රහාරයට ලක්වූ ගුවන් යානය පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු සඳහා මේ වන විට කටුනායක ගුවන්තොටුපළේ පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලුත්වැඩියා අංගනය වෙත යොමු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart