
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගමක් වන BYD හි කොටස් මිල ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ආයෝජකයන් තුළ ඇති වී තිබෙන නොසන්සුන්භාවය සමනය කරමින්, ඉදිරි වසර පහ ඇතුළත සිය සමාගම ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්වනු ඇතැයි එහි සභාපති වැන්ග් චුවාන්ෆු ප්‍රකාශ කරයි.
2025 වසරේදී වාහන මිලියන 4.6ක් අලෙවි කරමින් ගෝලීය වශයෙන් හයවැනි ස්ථානයට පත්ව සිටි BYD සමාගම, පසුගිය වසර පුරා චීන දේශීය වෙළෙඳපොළ තුළ පැවති දැඩි තරඟකාරිත්වය හේතුවෙන් සිය විකුණුම් වර්ධනය කර ගැනීමට දැඩි උත්සාහයක නිරත විය.
පසුගිය වසර තුළ හොංකොං කොටස් වෙළෙඳපොළේ එම සමාගමේ කොටස් මිල එහි උපරිම අගයේ සිට 45%කට වඩා පහත වැටී ඇති අතර, ෂෙන්සෙන් කොටස් වෙළෙඳපොළේ එහි අගය 33%කින් පහත වැටී තිබේ.
ෂෙන්සෙන් හි පිහිටි සමාගම් මූලස්ථානයේ පැවැති වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වූ 1,000කට ආසන්න කොටස් හිමියන් අමතමින් සභාපතිවරයා කියාසිටියේ, මේ වසරේ සමාගමේ වර්ධනයට ප්‍රධාන බාධාවක් වී ඇති ‘දෙවැනි පරම්පරාවේ බ්ලේඩ් බැටරි’ (Blade Battery) නිෂ්පාදනය වේගවත් කිරීම කෙරෙහි මෙවර වැඩි අවධානයක් යොමුකරන බවයි.
චීන රාජ්‍ය ජනමාධ්‍ය ආයතනයක් වන ‘Shanghai Securities News’ ආයතනය මෙම තොරතුරු වාර්තා කර තිබේ.
“තමන් සතු ඉහළ අපනයන ශක්තිය, බැටරි තාක්ෂණයේ දියුණුව සහ වේගවත් ආරෝපණ (Fast-charging) තාක්ෂණයන්හි ප්‍රගතිය හේතුවෙන් ඉදිරි වසර පහ තුළ BYD සමාගම නිෂ්පාදන පරිමාව අතින් ලොව අංක එකේ මෝටර් රථ නිෂ්පාදකයා බවට සැබවින්ම පත්වනවා,” යැයි වැන්ග් විශ්වාසය පළකර ඇත.
BYD සමාගම මෙම ඉලක්කය සපුරා ගැනීමට නම්, 2025 වසරේදී BYD මෙන් දෙගුණයකට වඩා වාහන අලෙවි කළ ජපානයේ ටොයෝටා සමාගම අභිබවා යා යුතු වේ.
කෙසේවෙතත්, චීන මෝටර් රථ නිෂ්පාදකයන් සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇති ගිනිකොනදිග ආසියාව සහ මැදපෙරදිග වැනි කලාපවල ටොයෝටා සමාගමේ වෙළෙඳපොළ කොටස මේ වසරේදී යම් පසුබෑමකට ලක්ව ඇති බව චීන මගී ප්‍රවාහන රථ සංගමයේ දත්ත පෙන්වාදෙයි.
සාපේක්ෂව අඩු වෙළෙඳ බාධක පවතින බ්‍රසීලය, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් ප්‍රධාන වෙළෙඳපොළවල් කරගනිමින් BYD සමාගමේ අපනයන කටයුතු ජනවාරි සහ මැයි මාස අතර කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව 65%කින් වර්ධනය වී ඇත.
එසේ වුවද, එම කාලසීමාව තුළදීම චීනය තුළ ඔවුන්ගේ සමස්ත වාහන සැපයීම 20%කට වඩා පහත වැටීම හේතුවෙන්, අපනයන අංශයෙන් ලැබූ වර්ධනයෙන් දේශීය වෙළෙඳපොළේ පාඩුව පියවා ගැනීමට සමාගමට නොහැකි විය.
මේ අතර, ඉකුත් බදාදා පෙරවරුවේ හොංකොං සහ ෂෙන්සෙන් වෙළෙඳපොළවල BYD කොටස් මිල පිළිවෙළින් 4.3%කින් සහ 1.6%කින් තවදුරටත් පහත වැටී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart