Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා පසුගිය බදාදා (03) යාපනය ඩෙල්ෆ්ට් දූපතේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ සංචාරයක නිරත විය.
මෙම ව්‍යාපෘතිය යාපනයට ඔබ්බෙන් පිහිටි දූපත් තුනක් වන ඩෙල්ෆ්ට්, අනලදව් සහ නයිනදව් (නගදීපය) යන දූපත් කේන්ද්‍ර කරගනිමින් දැනට ක්‍රියාත්මක වේ.
මෙම සංචාරයේදී මහකොමසාරිස්වරයා ඩෙල්ෆ්ට් දූපතේ ව්‍යාපෘති භූමිය වෙත ගොස් එහි වත්මන් ප්‍රගතිය සමාලෝචනය කළේය.
එහිදී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන්, ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන් සහ එමඟින් ප්‍රතිලාභ ලබන ප්‍රදේශවාසීන් සමඟ ද ඔහු සුහද සාකච්ඡාවක නිරත විය.
මෙම සමස්ත ව්‍යාපෘතිය ඉන්දීය රජයෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක පූර්ණ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක වන්නකි.
ජාතික විදුලිබල පද්ධතියට මෙතෙක් සම්බන්ධ කර නොමැති මෙම දූපත් තුනේ ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම මෙහි මූලික අරමුණයි.
සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ ඩීසල් උත්පාදක යන්ත්‍ර සමඟ බැටරි උපස්ථ පද්ධති ඒකාබද්ධ කරමින්, මෙගාවොට් 4.3ක සමස්ත ධාරිතාවයකින් යුත් විශ්වාසනීය බලශක්ති විසඳුමක් මෙමඟින් එම ජනතාවට හිමිවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart