
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්රය ජාත්‍යන්තර තලයට ඔසවා තබමින්, ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) එක්ව ප්‍රයිම් මරිනා සේල්ස් සූට් (Prime Marina Sales Suite) කොළඹ වරාය නගරයේදී (Port City Colombo) ඉතාමත් උත්කර්ෂවත් අයුරින් විවෘත කරන ලදී. මුළු කලාපයටම නවමු අත්දැකීමක් එක් කරන මෙම අලෙවි පරිශ්‍රය, ලෝක මට්ටමේ දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ජාත්‍යන්තරය හමුවේ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳව නවතම නිර්ණායකයක් මෙමගින් සනිටුහන් කර ඇත.
මෙම නිර්මාණයේ ඇති අතිවිශිෂ්ට සහ ගම්භීර ස්වභාවය, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ඉතිහාසය මෙතෙක් නොදුටු ආකාරයේ ඉහළම ප්‍රමිතියක් පිළිබිඹු කරයි. මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගීවීම සඳහා දිවයිනේ සතර දිගින් මෙන්ම විදේශයන්ගෙන් ද පැමිණි සම්භාවනීය අමුත්තන්, ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයෝ සහ ජාත්‍යන්තර ආයෝජකයෝ විශාල පිරිසක් සහභාගී වූහ. එහිදී ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘති දැක්ම එහි මහා පරිමාණ ස්වභාවයෙන්, අද්විතීය සැලසුම්කරණයෙන් සහ ශ්‍රී ලංකාව ගෝලීය සිතියම තුළ ඉහළින්ම ඔසවා තැබීමේ ඒකායන අභිලාෂයෙන් පරිපූර්ණ වූවක් විය.
“අපි ප්‍රයිම් මරිනා සේල්ස් සූට් පරිශ්‍රය නිර්මාණය කරන්න පටන් ගත්තෙම, මෙතැනට පියනඟන සෑම කෙනෙක්ම ජාත්‍යන්තර දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ඉහළම සහ විශිෂ්ටතම නිර්මාණ දැකලා පුරුදු අත්දැකීම් බහුල අය බව හොඳින්ම දැනගෙනයි. එතනදී අපේ මිනුම හෝ ප්‍රමිතිය වුණේ ශ්‍රී ලංකාව නෙවෙයි අපේ එකම මිනුම වුණේ මුළු ලෝකයමයි.”
සඳමිණි පෙරේරා, සම-සභාපතිනී, ප්‍රයිම් සමූහය (Prime Group)
එදින පැවැත්වුණු උත්සවයේ සුවිශේෂීම සහ ආකර්ෂණීයම අවස්ථාවක් වූයේ ප්‍රයිම් සමූහයේ අධ්යක්ෂ සන්මිත් තරුණ්‍ය මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රබල සහ ආකර්ශනීය දේශනයයි. හුදෙක් ගොඩනැඟිලි සැලසුම් හෝ එහි ඇති සැපපහසුකම් පිළිබඳ විස්තර කිරීමෙන් ඔබ්බට යමින්,ප්‍රයිම් මරිණී ව්‍යාපෘතිය පිටුපස ඇති සුවිශේෂී මහා දැක්ම ඔහු එහිදී සභාව හමුවේ අනාවරණය කළේය. මුළු මහත් සභිකයින්ගේම සිත් ඇදගන්නාසුලූ සහ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් අභිබවා ගිය එම දේශනය හරහා, ඔහු එතැන සිටි සැමට ආරාධනා කර සිටියේ මෙය හුදෙක් තවත් එක් නිවාස සංකීර්ණයක් ලෙස නොව, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුළ ඔසවා තබන සැබෑ ගෝලීය වෙරළබඩ ව්‍යාපෘතියක (Global Waterfront Destination) අභිමානවත් සම්ප්රාප්තියක් ලෙස දකින ලෙසයි.
මෙම අතිසුඛෝපභෝගී අලෙවි පරිශ්‍රය ඔස්සේ දිග හැරෙන්නේ, ජාත්‍යන්තර තත්වයේ සැබෑ ගෝලීය ඇගයීමක් හිමි ප්‍රයිම් මරීනී (Prime Marina) ව්‍යාපෘතියයි. කොළඹ වරාය නගරයේ හදවත බඳු සුවිශේෂී හිමී ̃ මරීනී කලාපයේ (Marina Precinct) පිහිටි මෙම ව්‍යාපෘතිය, එතැන ඇති සුප්‍රකට වෙරළබඩ පාලම (Iconic Waterfront Bridge), ඉන්දියන් සාගරය සහ මරිනා තටාකය යන තුනම එකිනෙක හමුවන මධ්‍ය ලක්ෂ්‍යයේම ස්ථානගත වී ඇත. වචනයෙන් විස්තර කිරීමටත් මත්තෙන් තමන් සතු සුවිශේෂීත්වය මැනවින් කියාපාන මෙම අනභිභවනීය පිහිටීම, මෙම නගරයේ ඇති වෙනත් කිසිදු බිම් කොටසකට උරුම කරගත නොහැක්කකි.

එම අසිරිමත් භූමි භාගයෙන් අහස සිඹින මෙම මහා මන්දිර රැස, නිවාස 550 කට අධික ප්‍රමාණයකින් සමන්විත කුළුණු ලෙසින් නැගීසිටියි. කාමර 1, 2, 3 සහ 4 කින් යුත් සුවිසල් නිවාස මෙන්ම සුවිශේෂී අතිසුඛෝපභෝගී පෙට්හවුස් (Penthouses) නිවාසයන්ගෙන් ද මෙය සන්නද්ධය. මෙහි සමස්ත සැලසුම නිමවා ඇත්තේ ලෝකයේ වඩාත්ම දැඩි සහ ඉහළම දේපළ වෙළඳාම් වෙළඳපොළවල් පවා තම නිර්මාණවලින් හැඩකළ, සිංගප්පූරුවේ සුප්‍රකට ‘P&T Singapore’ ආයතනය විසිනි.
මීට අමතරව, මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ අභ්‍යන්තර පරිසරය හැඩගැන්වීම සඳහා සිංගප්පූරුවේ ඉහළම පෙළේ අභ්‍යන්තර අලංකරණ සමාගමක් වන ~Index Design Pte Ltd~ ආයතනයේ දායකත්වය ලබාගෙන ඇත. ජාත්‍යන්තර මට්ටමේ ඉහළම සැලසුම්කරණය, විශිෂ්ටතම නිමාව සහ සුඛෝපභෝගී ජීවන රටාවේ උසස්ම ප්රමිතීන් මැනවින් විදහාපාන අතිවිශිෂ්ට අභ්‍යන්තර වටපිටාවක් නිර්මාණය කිරීම උදෙසා, ගෝලීය වශයෙන් ඇගයීමට ලක්වූ මෙම වාස්තු විද්‍යාත්මක සන්නාමය මෙහිදී කටයුතු කර තිබේ.
එමෙන්ම, මෙහි බාහිර පරිසර සහ භූමි සැලසුම්කරණය (Landscape Architecture) පවරා ඇත්තේ ලෝකයේ වඩාත්ම සුවිශේෂී මෙන්ම තිරසාර පරිසර පද්ධතීන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් එක්සත් රාජධානියේ “Grant Associates” ආයතනය වෙතය. ඔවුන්ගේ මෙම දායකත්වය, සැලසුම්කරණය සහ සෞන්දර්යය අතින් ඉහළම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වූ විශිෂ්ටතම ව්‍යාපෘතියක් ජනගත කිරීම වෙනුවෙන් ඇති කැපවීම තවදුරටත් තහවුරු කරන්නකි.
මෙම මහා ව්‍යාපෘතියේ දෙපසින්ම බාධාවකින් තොරව සුන්දර දිය දහරාවන්ට මුහුණලා පිහිටා ඇත. එහි එක් පසෙක ජාත්‍යන්තර මට්ටමේ යාත්රාංගණයක (Marina) ඇති සජීවී සහ ක්‍රියාශීලී ස්වභාවයත්, අනෙක් පසින් ස්වභාවික දිය කඩක (Natural Creek) ඇති නිසල, ශාන්ත පරිසරයත් එකට මුසුව පවතියි. එබැවින් ප්‍රයිම් මරීනා හි ආයෝජනය කරන පාරිභෝගිකයින් මිලදී ගන්නේ හුදෙක් තමන්ට ජීවත් වීමට නිවසක් පමණක් නොවේ. ඔවුන් මේ හිමිකර ගන්නේ සමස්ත කලාපයේම වෙරළබඩ දේපළ වෙළඳාම් ක්ෂේත්රය උඩුයටිකුරු කිරීමට සමත්, ලෝක මට්ටමේ නැගී එන මහා නගරයක අනාගතයෙන් ඉතාමත් දුර්ලභ සහ වටිනා කොටසකි.
මෙවැනි සුවිශේෂී මෙන්ම දැවැන්ත පරිමාණයේ ව්‍යාපෘතියක් යථාර්ථයක් බවට පත් කිරීමට හැකි වූයේ, දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ දේපළ වෙළඳාම් ක්ෂේත්රය හැඩගැස්වූ ප්රමුඛ පෙළේ දැවැන්ත සමූහ ව්‍යාපාර දෙකක් වන ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) සතු ඒකාබද්ධ ශක්තිය නිසාවෙනි.
කොළඹ වරාය නගරය (Port City Colombo) ජාත්‍යන්තර තලයේ පෙරමුණටම ගමන් කරද්දී, එහි පෙරගමන්කරුවා වෙමින් නැගී සිටින්නේ ප්‍රයිම් මරීනා ව්‍යාපෘතියයි. එය සමස්ත දකුණු ආසියාව තුළම යාත්‍රාංගනයක් අද්දර ගත කරන සුඛෝපභෝගී ජීවන රටාව (Marina-front living) පිළිබඳ නවතම සන්නාම ප්‍රමිතියක් සනිටුහන් කරන අතරම, මතු පරම්පරාවන් ගණනාවක් පුරා නොමැකෙන අභිමානවත් උරුමයක් ද මෙරට තුළ ස්ථාපිත කරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart