
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ කොටහේන ලංකා දුම්කොළ සමාගම් (CTC) පරිශ්‍රයේ ඇඹරුම් යන්ත්‍ර භාවිත කරමින් රුපියල් මිලියන 748 කට අධික වටිනාකමකින් යුත් ජාවාරම් කරන ලද ව්‍යාජ දුම්වැටි තොගයක් විනාශ කර ඇත.
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද මෙම දුම්වැටි තොගය රැගෙන යමින් තිබූ අඩි 40 ක කන්ටේනරයක් රේගු ආදායම් කාර්ය සාධක බලකායේ (RTF) නිලධාරීන් 2022 ජුනි 22 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ලියකියවිලි යටතේ රාගම ප්‍රදේශයේ පුද්ගලයකු වෙත මෙම තොගය යවා ඇති අතර එහි විදේශීය වෙළඳනාමයක් වන ‘මැටඩෝර්’ වර්ගයේ දුම්වැටි කූරු 9,940,000ක් තිබී ඇත.
හොර බඩු තොගයේ වටිනාකම රුපියල් 748,006,076 (රුපියල් මිලියන 748) ලෙස ගණන් බලා තිබූ අතර, එම තොගය හඳුනා නොගත්තේ නම් ශ්‍රී ලංකා රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 695ක් ලෙස ගණන් බලා ඇතැයි රේගුව පවසයි.
රේගු පරීක්ෂණයෙන් අනතුරුව නීති විරෝධී භාණ්ඩ රාජසන්තක කර CTC පරිශ්‍රයේ දී විනාශ කරන ලෙස නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart