
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සන්නාමයක් වන හේලීස් සමූහ ව්‍යාපාරය, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 585.02ක වාර්තාගත ආදායමක් උපයා ගනිමින් සිය ඉතිහාසයේ ඉහළම මූල්‍ය කාර්ය සාධනය සනිටුහන් කර ඇත.
එය පෙර වසරට සාපේක්ෂව සියයට 19ක (14%ක අපනයන වර්ධනයක් ද ඇතුළුව) කැපීපෙනෙන වර්ධනයකි.
මීට සමගාමීව සමූහයේ ඒකාබද්ධ බදු පෙර ලාභය (PBT) සියයට 4කින් ඉහළ ගොස් රුපියල් බිලියන 38.04ක් ලෙස සටහන් කර ඇති අතර, බදු පසු ලාභය රුපියල් බිලියන 22.22ක් වේ.
‘ඩිට්වා’ සුළිකුණාටුවෙන් ඇති වූ බාධා මඟහරිමින් සිව්වන කාර්තුව තුළ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වීම මෙම වර්ධනයට මඋපකාරී වී තිබේ.
විශේෂයෙන්ම, පාරිභෝගික සහ සිල්ලර වෙළෙඳ අංශය සියයට 44ක දැවැන්ත වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 156.74ක ආදායමක් උපයමින් මෙම ජයග්‍රහණයට ප්‍රධානතම දායකත්වය සපයා ඇත.
මීට අමතරව, හේලීස් සමූහය විසින් මෑතකදී සිදුකළ රුපියල් බිලියන 9ක හිමිකම් නිකුතුව (Rights Issue) සාර්ථකව අවසන් කිරීම හේතුවෙන් එහි ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් වී තිබේ.
සමූහයේ පවතින ස්ථාවරත්වය සහ විවිධාංගීකරණය හේතුවෙන් ‘Fitch Ratings’ ආයතනය විසින් හේලීස් සමාගමේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ‘AAA (lka)’ ස්ථාවර මට්ටමේ (Stable Outlook) පවත්වා ගෙන ඇත.
ව්‍යාපාරික වර්ධනය මෙන්ම තිරසාර සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමුකර ඇති හේලීස් සමාගම, සිය හරිතාගාර වායු විමෝචනය සියයට 1ක මට්ටමක පවත්වා ගැනීමට සමත්ව ඇත.
එමෙන්ම සමූහයේ සමස්ත සේවක සංඛ්‍යාව 38,700 ඉක්මවා ගොස් තිබේ.
මෑතකදී සීමාසහිත හේලීස් පී.එල්.සී. (Hayleys PLC) සමාගම මොබිලිටි (Mobility) සහ සුපිරි වෙළෙඳසැල් (Supermarket) ක්ෂේත්රයන් වෙතද සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට පියවර ගත්තේය.
හේලීස් පී.එල්.සී. අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ලෙස මෝහන් පණ්ඩිතගේ කටයුතු කරන අතර, ධම්මික පෙරේරා එහි සම-සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart