
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව ධනවත්ම සහ වඩාත් තරගකාරී විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ඉන්දියන් ප්‍රීමියර් ලීග් (IPL) 2026 තරගාවලියේ ශූරතාව තියුණු අවසාන මහා තරගයකින් පසු තමන් සතු කරගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) කණ්ඩායම සමත් විය.
අහමදාබාද් හි පැවැති අවසාන මහා තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් ඔවුන් මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය.
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝරු නායකයා, ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලබාදුන්නේය.
ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායමට බැංග්ලෝරු පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයකි.
ලකුණු 26ක් වන විට ඔවුන්ගේ මුල් කඩුලු 2ම දවා ගැනීමට බැංග්ලෝරු පන්දු යවන්නන් සමත් විය.
කෙසේවුවද, ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ වොෂින්ටන් සුන්දර් පන්දු 37කින් නොදැවී අර්ධ ශතකයක් රැස් කළ අතර නිෂාන් සින්දු ලකුණු 20ක් ලබා ගත්තේය.
නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 155ක් පමණි.
පන්දු යැවීමේදී බැංග්ලෝරු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රාසික් සලාම් ලකුණු 27කට කඩුලු 3ක් දවාලමින් ගුජරාට් ඉනිම සීමාකිරීමට පෙරමුණ ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 156ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝරු ක්‍රීඩකයෝ ආරම්භයේ සිටම තරගයේ පාලනය තමන් සතුකර ගත්හ.
ඔවුහු පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 161ක් ලබාගනිමින් සන්නාමය සහිත IPL 2026 ශූරතාව මහත් අභිමානයෙන් යුතුව සිපගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart