
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෙවීගිය වසර 25ක කාලය (2000 සිට 2025 දක්වා) ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම විප්ලවීය වෙනස්කම් සිදු වූ යුගයයි. විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ ආගමනය, ලොව පුරා ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ආරම්භ වීම සහ නවීන තාක්ෂණයේ භාවිතය නිසා ක්‍රීඩාවේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් විය. මෙම සුවිශේෂී පරිවර්තනීය යුගය තුළ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා අන්තර්ජාතික ESPNcricinfo වෙබ් අඩවිය විසින් විශේෂ සමීක්ෂණයක් සහ තේරීම් ක්‍රියාවලියක් පවත්වනු ලැබීය.
ලොව සුප්‍රකට හිටපු ක්‍රීඩකයන්, නායකයන් සහ විචාරකයන් 25 දෙනකුගෙන් සැදුම්ලත් විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් (වසීම් අක්‍රම්, මැතිව් හයිඩන්, ඩැනියෙල් විටෝරි, රවී ශාස්ත්‍රි, ඊන් මෝගන් ඇතුළු) මෙම සියවසේ විශිෂ්ටතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් 25 දෙනා තෝරාගෙන තිබේ.
ප්‍රධාන ජයග්‍රාහකයන්
සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයා : ජැක් කලීස් (දකුණු අප්‍රිකාව)
සියවසේ විශිෂ්ටතම පිතිකරුවා : සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව)
සියවසේ විශිෂ්ටතම පන්දු යවන්නා : මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)
සියවසේ විශිෂ්ටතම ක්‍රීඩිකාව : එලීස් පෙරී (ඕස්ට්‍රේලියාව)
විස්සයි20 සියවසේ විශිෂ්ටතම පිතිකරුවා : ඒ.බී. ඩි විලියර්ස් (දකුණු අප්‍රිකාව)
විස්සයි20 සියවසේ විශිෂ්ටතම පන්දු යවන්නා : ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)
ලාංකීය අභිමානය : මුරලි, සංගා සහ මහේල
මෙම නිල ලේඛනයේ මුල් ක්‍රීඩකයන් 25 දෙනා අතරට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් වී තිබීම විශේෂත්වයකි. ඒ අනුව, ලොව වැඩිම කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන් සිව්වැනි (04) ස්ථානය ද, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සත්වැනි (07) ස්ථානය ද සහ හිටපු නායක මහේල ජයවර්ධන 21 වැනි ස්ථානය ද දිනාගනිමින් ශ්‍රී ලංකා නාමය අන්තර්ජාතික තලයේ බැබළවීමට සමත්ව සිටිති.
මුල් ස්ථානවල තියුණු තරගය
ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ ජැක් කලීස් තේරී පත්වූයේ සචින් ටෙන්ඩුල්කාර් සහ විරාත් කෝලි වැනි ප්‍රබලයන් පසුපසට ඇදදමමිනි. පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද එකලෙස දැක්වූ දක්ෂතා හේතුවෙන් කලීස් හට මෙම අග්‍රගන්‍ය ස්ථානය හිමිවිය. සචින් ටෙන්ඩුල්කාර් දෙවැනි ස්ථානයත්, වත්මන් ක්‍රිකට් පිටියේ රජු ලෙස සැලකෙන විරාත් කෝලි තෙවැනි ස්ථානයත් දිනාගෙන ඇත. ඕස්ට්‍රේලියාවට ලෝක කුසලාන දිනාදුන් රිකී පොන්ටින් පස්වැනි ස්ථානයට පත්ව තිබේ.
විසිඑක්වැනි සියවසේ විශිෂ්ටතම පිරිමි ක්‍රීඩකයන් 25 දෙනාගේ ලේඛනය :
ජැක් කලීස් (දකුණු අප්‍රිකාව)
සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව)
විරාත් කෝලි (ඉන්දියාව)
මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)
රිකී පොන්ටින් (ඕස්ට්‍රේලියාව)
ඒ.බී. ඩි විලියර්ස් (දකුණු අප්‍රිකාව)
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)
ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව)
ජෝ රූට් (එංගලන්තය)
ස්ටීවන් ස්මිත් (ඕස්ට්‍රේලියාව)
ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඕස්ට්‍රේලියාව)
රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)
ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)
එම්. එස්. දෝනි (ඉන්දියාව)
ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)
කේන් විලියම්සන් (නවසීලන්තය)
මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව)
ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්)
බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)
පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව)
මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)
විරේන්ද්‍ර සෙවාග් (ඉන්දියාව)
කෙවින් පීටර්සන් (එංගලන්තය)
ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය)
ආර්. අශ්වින් (ඉන්දියාව)
කාලයත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ හැඩතල සහ තරග රටාවන් කොතෙක් වෙනස් වුවද, සැබෑ විශිෂ්ටත්වය යන්න කිසිදා වෙනස්නොවන සදාකාලික සාධකයක් බව මෙම ක්‍රීඩක ලේඛනය දෙස බැලීමේදී නැවත වරක් සනාථ වන බව විචාරකයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart