
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෙනසුරාදා (30) සන්ධ්‍යා කාලයේදී වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසලදී කාන්තාවක් දුම්රියක ගැටී මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිසිය පවසන පරිදි, මෙම අනතුර සිදුව ඇත්තේ පානදුර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට එම කාන්තාව ගැටීමෙනි.
අනතුර සිදුවන අවස්ථාවේදී ඇය සුදු සහ දුඹුරු පැහැති සාරියකින් සැරසී සිට ඇති අතර ඇය සතුව කොළ පැහැති බෑගයක්ද තිබී ඇත.
කෙසේවුවද, මියගිය කාන්තාව කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.
ඇයගේ මළසිරුර මේ වන විට කළුබෝවිල (දකුණු කොළඹ ශික්ෂණ) රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart