May 29, 2026

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 අප්‍රේල් මාසයේදී 5.4%ක් ලෙස වාර්තා වූ ශ්‍රී ලංකාවේ සමස්ත වාර්ෂික උද්ධමන අනුපාතය , 2026 මැයි මාසයේදී 5.5%ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවුවද, 2026 අප්‍රේල් මාසයේදී 2.8%ක් ලෙස සටහන් වූ ආහාර උද්ධමනය මැයි මාසය වන විට 0.9%ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇත.

නමුත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ පැවැති 6.8% සිට මැයි මාසය වන විට 7.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.