
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාසා තීරයේ භූමියෙන් 70%ක ප්‍රමාණයක පාලනය තමන් සතු කර ගන්නා ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ.
බටහිර ඉවුරේ පැවැති සමුළුවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය සිය ග්‍රහණය දැඩි කරමින් සිටින බවයි.
මේ වන විට ගාසා තීරයේ 60%ක භූමි ප්‍රමාණයක බලය ඊශ්‍රායලය සතු වන අතර, එය පියවරෙන් පියවර 70% දක්වා වැඩි කිරීම සිය අරමුණ බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වුවද, 2025 ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු මැදිහත් වීමෙන් ඇති කරගත් සටන් විරාම ගිවිසුමට අනුව, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් 53%ක ප්‍රමාණයකට පමණක් සීමා විය යුතුව තිබිණි.
මේ හේතුවෙන් ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් හමුදා පාලනය තහවුරු කිරීමට උත්සාහ කරන බවට හමාස් සංවිධානය චෝදනා කරයි.
ඊශ්‍රායලයේ මෙම නව භූමි අත්පත් කර ගැනීම් හේතුවෙන් පලස්තීන වැසියන් මිලියන 2කට ආසන්න පිරිසක් ඉතා සුළු භූමි ප්‍රමාණයකට කොටු වීමේ අවදානමක් මතුව ඇත.
සටන් විරාමයෙන් පසුව ද ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 850කට වැඩි පිරිසක් මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔක්තෝබර් 7 ප්‍රහාරයට නායකත්වය දුන් සැමට මරණ දණ්ඩනය හිමිවන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
මේ අතර, හමාස් සංවිධානය ද සිය අවි ආයුධ බිම තැබීම ප්‍රතික්ෂේප කර ඇත.
සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ නිලධාරී නිකොලායි ම්ලඩෙනොව් අනතුරු අඟවන්නේ, පවතින එකඟතාවන් ඉදිරියට නොගියහොත් මෙම බෙදීම් රේඛාව ගාසා තීරය ස්ථිරවම වෙන් කරන තාප්පයක් හෝ වැටක් බවට පත්වනු ඇති බවයි.
අන්තර්ජාතික ආරක්ෂක බලකායක් ස්ථාපිත කරන තෙක් ඊශ්‍රායලය මෙලෙස ගාසා තීරයේ බලය තවදුරටත් තහවුරු කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart