May 29, 2026

කෝන්කැටියාව වනාන්තරය රක්ෂිතයක් ලෙස ආරක්ෂා කිරමට පියවර ගෙන තිබේ.

මෙරට අලි ඇතුන් සහ වන සතුන්ගේ භූමි රකිමින් ඔවුනට සුපෝෂණ කලාප ඇති කිරීම වෙනුවෙන් සිදු කරන ‘වනස්පති’ ජාතික වැඩසටහනේ තවත් පියවරක් ලෙස ජගත් පරිසර දිනයට සමගාමීව මෙය සිදුකිරීමට නියමිතය.

කෝන්කැටියාව රක්ෂිත වනාන්තරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව අඩවියේ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 30.73කින් යුක්ත වනාන්තරයකි.

වියළි කලාපීය සදාහරිත වනාන්තරයක් වන මෙහි ඝන වනාන්තර කොටස් මෙන්ම ලඳු කැලෑ, තෘණ භූමි ද පිහිටා ඇති අතර ශාක හා සත්ව ජෛව විවිධත්වයකින් යුතු පාරිසරික ඉහළ වටිනාකමක් යුක්ත වනාන්තරයක් ද වේ.

වනාන්තරය ජල උල්පත් සඳහා පෝෂක ප්‍රදේශයක් ද වශයෙන් හඳුනාගෙන ඇත.

මෙරට ඉතිහාසයේ 2025 වසරේ සිට 2026 වසර යනු වැඩිම වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ලෙස ආරක්ෂා කළ වසර වනු ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.