
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය විසින් එම කොමිෂන් සභාවේ සභාපති ඩබ්ලිව්.එම්.එන්.පී ඉද්දවෙල වෙත විශේෂ සංදේශයක් බාර දී තිබේ.
ඊයේ (28) දින බාරදුන් මෙම සංදේශය මඟින් ඒකාබද්ධ විපක්ෂය පෙන්වාදෙන්නේ, වත්මන් අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය දැඩි ප්රශ්නකාරී මෙන්ම අත්තනෝමතික සහ පක්ෂග්රාහී ස්වභාවයක් ගන්නා බවට සමාජය තුළ බරපතළ චෝදනා එල්ල වෙමින් පවතින බවයි.
එල්ල වී ඇති චෝදනාවල නිරවද්‍යතාවය පිළිබඳව තමන් නිශ්චිතව ප්‍රකාශ නොකරන නමුත්, එම පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගැනීම කොමිෂන් සභාව සතු පරම අයිතියක් මෙන්ම වගකීමක් බව ද එම සංදේශයේ අවධාරණය කර ඇත.
මෙම ඉල්ලීමට අමතරව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ජීවත්ව සිටියදී අධිකරණය හමුවේ තබා ඇති දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ද අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියි.
එම දිවුරුම් ප්‍රකාශය උපුටා දක්වමින් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන්නේ, කපිල චන්ද්‍රසේන කටඋත්තරයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක ඔහුට තර්ජනාත්මක ලෙස බලපෑම් කර ඇති බවයි.
අදාළ සිදුවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යනගේ නම් සම්බන්ධ කර ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයා තමන්ට තර්ජනාත්මක ස්වරයෙන් බලපෑම් කළ බව කපිල චන්ද්‍රසේන සිය දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිකර ඇති බව ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් කියා සිටියි.
මෙවැනි පසුබිමක් තුළ කොමිසමේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් මෙම සමස්ත සිදුවීම පිළිබඳව වහාම විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කොමිසමේ සභාපතිවරයාගෙන් දැඩිව ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart