
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොලිවුඩ් නළු රන්වීර් සිං ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ඩොන් 3’ චිත්‍රපටයෙන් හදිසියේම ඉවත් වූ බවට පැවසෙන සිදුවීමක් මුල් කරගනිමින්, ප්‍රධාන සිනමා සේවක වෘත්තීය සමිතියක් විසින් ඔහු සමඟ වැඩ නොකරන ලෙස තම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටීමත් සමඟ රන්වීර්ගේ රසිකයෝ දැඩි කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වේ.
චිත්‍රපට සහ රූපවාහිනී කාර්ය මණ්ඩල සාමාජිකයින් දහස් ගණනක් නියෝජනය කරන ප්‍රමුඛතම බොලිවුඩ් සේවක සංගමයක් වන ‘බටහිර ඉන්දීය සිනමා සේවකයින්ගේ සම්මේලනය’ ප්‍රකාශ කළේ, රන්වීර් සිං මෙම චිත්‍රපටයෙන් ඉවත් වන විට එහි පූර්ව නිෂ්පාදන කටයුතු වෙනුවෙන් නිෂ්පාදකවරුන් දැනටමත් රුපියල් මිලියන 450ක් වියදම් කර තිබූ බවයි.
තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස එම සංගමය රන්වීර් සිංගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියද ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව එම සංගමය පවසයි.
මෙම මතභේදාත්මක තත්ත්වය පිළිබඳව රන්වීර් සිං මෙතෙක් කිසිදු අදහසක් පළ කර නොමැති වුවද, තමාව කැඳවීමට එම සංගමයට ඇති නීත්‍යානුකූල බලය පිළිබඳව ඔහුගේ නීතිමය කණ්ඩායම ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.
බටහිර ඉන්දීය සිනමා සේවකයින්ගේ සම්මේලනයේ සභාපති බී. එන්. තිවාරි පැවසුවේ, රන්වීර් සිං තම නියෝජිතයන් හමුවීමට එකඟ වන තෙක් ඔහුට සහය නොදැක්වීමේ නියෝගයක් නිකුත් කිරීමට වෘත්තීය සමිතිය තීරණය කළ බවයි.
“සුපිරි තරුවක් වුණත් නීති රීතිවලට වඩා ලොකු වෙන්නේ නැහැ කියන පණිවිඩය සිනමා කර්මාන්තයට ලබා දෙන්න අපි තීරණය කළා.” යනුවෙන් ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart